Loading...

උතුරු මුහුදේ සිදුවු අනතුරකින් ඉන්දීය ධීවරයෙක් මරුට

ඩෙල්ෆ් දූපත ආසන්නයේ මෙරට මුහුදු සීමාවේ දී සිදුවූ අනතුරකින් ඉන්දීය ධීවරයෙකු මියගොස් තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් ගමන්ගත් යාත්‍රාව පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් ධීවරයින් සිව් දෙනෙක් මුහුදට වැටී ඇති අතර ඉන් තිදෙනෙක් බේරාගෙන පුන්කුඩතිව් රෝහලට ඇතුළත් කිරීමේ දී එක් අයෙක් මියගොස් තිබෙනවා.

තවත් එක් ධීවරයෙක් අනතුරෙන් පසුව අතුරුදහන්ව ඇති අතර ඔහු සොයා නාවික හමුදාව මේ වන විට විශේෂ මෙහෙයුමක් දියත්කර ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *