ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින සක්‍රිය කැලඹිලි ස්වභාවය, ඉදිරි පැය 24ක කාලය තුළ ප්‍රබල අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
මෙම වායුගෝලීය පද්ධතියේ සෘජු බලපෑම හේතුවෙන්, දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් අද (21) දින සිට ඉදිරි දින කිහිපය තුළදී බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු යන පළාත්වල මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අතිවිශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.







Leave a Reply