ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳව වන විස්තීරණ ණය පහසුකමේ තෙවන සමාලෝචන සඳහා එහි නියෝජිතයින් පිරිසක් අද (17) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඔවුන්ගේ මෙම සංචාරයෙන් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ සිව්වන වාරිකය ශ්‍රී ලංකාවට නිදහස් කිරීමට නියමිත බවද සඳහන්.
මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා වූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සිව් අවුරුදු විස්තීරණ ණය පහසුකම යටතේ මෙරටට ලබාදීමට අනුමත කර ඇති සමස්ථ ණය මුදල අමෙරිකානු ඩොලර් බිලියන 2.9කි.
මේ අනුව එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 333ක මුදලක් 2023 මාර්තු මස 21 වනදා ද දෙවන වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 337ක මුදලක් 2023 දෙසම්බර් 13 වනදා මෙරටට මුදා හැරුණා.
මේ වසරේ ජුනි මස 12 වනදා IMF විස්තීරණ ණය පහසුකම යටතේ වූ තෙවන ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 336ක් මුදා හැර ඇති අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියනකට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනවා.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය සිදුකිරීම සඳහා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් එහි නියෝජිතයින් පිරිසක් අද (17) මෙරටට පැමිණීමට නියමිතයි.
අරමුදලේ නියෝජිත පිරිසේ ශ්‍රී ලංකා සංචාරය අතරවාරයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා ක්‍රියාත්මක කිරීම සහ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ සිදුකර ඇති මෑත කාලීන ප්‍රගතිය සම්බන්ධව සොයා බලනු ඇති.
තවද ඔවුන් වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
මෙම තෙවන සමාලෝචනයෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට සිව්වන වාරිකය නිදහස් කිරීමට නියමිතයි.
Leave a Reply