Loading...

හදිසි දුම්රිය වර්ජනයක්?

සිය ගැටළුවට විසඳුම් නොලැබුණු හොත් පැය 48ක සංකේත වැඩවර්ජනයක් සිදු කරන බව දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන සභාපති කේ.යු. කොන්තසිංහ මහතා කියා සිටියේ ප්‍රවාහන අමාත්‍යාංශය හා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත 2025 ජුලි 22 දින යොමු කළ ලිපිය පිළිබඳව සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් ලබන ජුලි මස 30 වනදා සහ 31 වනදා දෙදින මෙම වැඩවර්ජනය සිදුකරන බවයි.

තවද දුම්රිය රියදුරු ශ්‍රේණිය මුහුණ දෙන පරිපාලන ගැටළු සහ යටිතල පහසුකම් පිළිබඳව තීරණාත්මක විසඳුමක් නොලැබුණහොත් මෙම වැඩ වර්ජනය අනිවාර්යෙන්ම සිදු කරන බව අනතුරු ඇඟවීමක් සිදුකරන බවද ඔහු සඳහන් කරනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් එම සභාපතිවරයා පැවසුවේ සතුටුදායක පිළිතුරක් අපේක්ෂා කරන අතර, එවැනි දෙයක් ලැබුණොත් පමණක් වැඩවර්ජනය අත්හිටුවීමට කටයුතු කරන බව ද පැවසු සභාපතිවරයා, අද හෝ හෙට මේ පිළිබඳ පිළිතුරක් අපේක්ෂා කරන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *