ජනාධිපති අපේක්ෂකයෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම් වන බවට ලද තොරතුරක් සම්බන්ධව විමර්ශන සිදු කරන බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට වැඩිදුර කරුණු වාර්තා කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ නිල මැදිරියේදීයි මෙම කරුණු වාර්තා කර ඇති බව සඳහන්.
නුවර ප්‍රදේශයේ පදිංචි හිටපු පොලිස් නිලධාරීයෙකු විසින් ලබාදුන් තොරතුරක් මත මෙම විමර්ශන සිදු කරනු ලබනවා.
අදාළ නිලධාරියාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඉදිරි විමර්ශන සිදුකරන බවයි පොලීසිය මහෙස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.
මේ අනුව වැඩිදුර විමර්ශන සිදුකරන ලෙස පොලීසියට දැනුම් දී ඇති මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරුවන් ඇත්නම් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසද දැනුම් දී තිබෙනවා.
Leave a Reply