ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක් එම බන්ධනාගාරයේම නියාමකවරියක් ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ගාල්ල පොලීසියේ ප්‍රකාශයෙක් කියා සිටියේ විවිධ අපරාධ සම්බන්ධව ගාල්ල බන්ධනාගාරයේ රදවා ඇති කාන්තා රැදවියෙක්ට බන්ධනාගාර ජේලර්වරිය විසින් මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවට බන්ධනාගාර නියාමකවරිය විසින් කරනු ලැබූ පැමිණිල්ලේ සඳහන් වන බවයි.
බන්ධනාගාර නියාමකවරිය ඝාතනය කිරීම සඳහා ජේලර්වරිය විසින් තමන්ට කොන්ත්‍රාත්තුව ලබාදුන් බවට එම කාන්තා රැඳවිය විසින් තවත් කාන්තාවකට පවසා ඇති අතර ඇය මේ බව බන්ධනාගාර නියාමකවරියට දැනුම් දී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
Leave a Reply