තමාට නියමවී තිබෙන වසර 3ක සිරදඬුවමක් තමා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
කොළඹ මහාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
තමාට ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමා ඇප මත මුදා හරින ලෙසද ඇය විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබෙනවා.
අදාළ ඉල්ලීම ලබන 4 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ සලකා බැලීමට නියමිතයි.
Leave a Reply