Loading...

තමන්නාට ඉන්දීය රුපියල් කෝටි 100ක පාඩුවක් සිදු කළ බවට චෝදනාවක්

සුපිරි නිලි තමන්නා භාටියාට එරෙහිව ඉන්දීය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ IPL තරඟාවලියේ විකාශන අයිතිය හිමි සාමාගමේ අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස තරඟ විකාශය කිරීමෙන් හා ඔට්ටු ඇල්ලීමේ යෙදවුමක් ප්‍රවර්ධනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.

මේ හේතුවෙන් ඉන්දීය කෝටි 100ක මුදලක් පාඩුවක් සිදුව ඇති බව විකාශන අයිතිය හිමි සමාගම පෙන්වා දෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මහාරාෂ්ට්‍ර සයිබර් පොලිස් විමර්ශන අංශය විසින් තමන්නා හට සිද්ධියට අදාළ සිතාසි මේ වන විට යවා ඇති බවයි.

මේ අනුව ඇය මේ මස 29 වනදා අධිකරණයේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම නඩුවට අදාළව බොලිවුඩ් නළු සංජේ දත්හට පසුගිය 23 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද ඔහු එහි පැමිණ සිටියේ නැහැ.

තම ප්‍රකාශය සටහන් කිරීමට ඔහු වෙනත් දිනයක් ඉල්ලා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

මේ වන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සංජේ දත්, ජැකලින් ෆර්නැන්ඩර්ස් සහ රැප් ගායක බාද්ෂා සමඟ සම්බන්ධ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ඉන්දීය පොලීසිය විසින් සටහන් කරගෙන තිබෙනවා.

එරට පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ඔට්ටු ඇල්ලීමේ යෙදවුම ප්‍රවර්ධනයට අනුබල දුන් ප්‍රසිද්ධ පුද්ගලයින් 40කට වැඩි පිරිසක් විමර්ශනයට ලක්ව ඇති බවයි.

NDTV


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *