අමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ණය ප්‍රමාණය ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩොලර් ට්‍රිලියන තිස් හයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ වසරේ ජූලි මස අවසානයේ දී එරට ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 35 සීමාවට ළඟා වුණා.
එය ඩොලර් ට්‍රිලියන 36 පසු කළේ මාස තුනකදී වීම විශේෂත්වයක්.
මින් ට්‍රිලියන විසි අටක ප්‍රමාණයක් ජනතාව දරන ණය ලෙස සැලකෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ එක්සත් ජනපද රජය වියදම් කරන සෑම ඩොලර් පහකින් එක් ඩොලර්යක් ආයෝජකයන්ගෙන් ලබාගත් මුදල් නැවත පියවීම සඳහා ගෙවිය යුතු බවයි.
Leave a Reply