Loading...

අමරවීර දුමින්ද ලසන්තගේ නිදහස් පක්ෂ පට්ටම් ගැලවෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු කිහිපයක වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් අද (30) පක්ෂ මුලස්ථානයේ දී රැස්වූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් දුමින්ද දිසානායක මහතා වෙනුවට මහියංගන ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන මහතා පත්කර තිබෙනවා.

තවද භාණ්ඩාගාරික ධුරයෙන් ඉවත් කළ ලසන්ත අලගියවන්න මහතා වෙනුවට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතා පත් කර ඇති අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර මහතාව ද අද එම ධුරයෙන් ඉවත් කෙරුණු අතර ඒ වෙනුවට සරත් ඒකනායක මහතා පත් කර ඇති බව සඳහන්.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *