ඩයනා ගමගේ ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමඟි ජන බලවේගය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ මුජිබර් රහුමාන් මහතා නම් කළ බවට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ලබාදුන් තීන්දුවකට අනුව ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වුණා.
මේ අතර මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට නීතිමය හැකියාවක් ඇත්ද යන්න විමසීමට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බව වාර්තා වනවා.
පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෙකු ලෙස කොළඹ නගර සභා අපේක්ෂක ලැයිස්තුවේ සිටින බැවින් ඔහුට මන්ත්‍රී ධුරයක දිවුරුම් දීමේ ඉඩකඩ සම්බන්ධයෙන් කථානායකවරයාගෙන් විමසීමට ද ඔවුන් සුදානම් බවද දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ හා ප්‍රේමනාත් සී දොළවත්ත යන මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද මෙම කරුණු දැක්වීම සිදුකර තිබෙනවා.
ඔවුන් මෙහිදී පෙන්වා දී ඇත්තේ පළාත් පාලන අපේක්ෂක ලැයිස්තුව ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති මොහොතක යම් අයෙකුට හිතුමතේ ඉල්ලා අස්වීමට නීති ප්‍රතිපාදන නොමැති බව ඔවුන් විශ්වාස කරන බවත් මැතිවරණ කොමිසම විසින් නාම යෝජනා ලැයිස්තුවම අවලංගු කිරීම සිදුකළ යුතු බවත්ය.
පළාත් පාලන අපේක්ෂක ලැයිස්තුවේ සිටියදී මීට පෙර කවුරුන් හෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක දිවුරුම් දී තිබේද? එවන් තත්ත්වයක් යටතේ අදාළ පළාත් පාලන නාම යෝජනා ලැයිස්තුවේ සිටින සෙසු අයගේ නාම යෝජනාවලට සිදුවන්නේ කුමක්ද? යන්න ආදී තාක්ෂණික ගැටළු විසඳා ලෙසත් නැත්නම් එය වැරදි පුර්වාදර්ශයක් විය හැකි බවත් ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් වීමසීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
Leave a Reply