Loading...

IPL මුලික වටයේ සියලු තරඟ අවසන් වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ (27) පැවැති සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව තරඟයෙන් කඩුලු 6ක පහසු ජයක් ලැබීමට රෝයල් චැලෙන්ජර්ස් බංගලුරු කණ්ඩායම සමත්වුණා.

ලක්නව්හි පැවැති මෙම තරඟයේ ප්‍රථම පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 3ක් දැවී ලකුණු 227ක් රැස් කරනු ලැබුවා.

මේ අනුව ලකුණු 228ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංගලුරු කණ්ඩායම පන්දුවාර 18.4කදී කඩුලු 4ක් දැවී ලකුණු 230ක් රැස් කර ගනිමින් ජයග්‍රාහී කඩඉම පසු කර යාමට සමත් වුණා.

මෙම තරඟය සමඟ IPL තරඟාවලියේ මුලික වටයේ සියලු තරඟ අවසන් වනු ඇති.

ඒ අනුව අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන කණ්ඩායම් තීරණය කරන පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බංගලුරු කණ්ඩායම අතර හෙට (29) පැවැත්වෙනවා.

ඊට අමතරව මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් Eliminator තරගය මැයි 30වනදා පැවැත්වීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *