කොටහේන – බ්ලූමැන්ඩල් පාර ප්‍රදේශයේදී සැක කටයුතු මෝටර් රථයකට පොලීසිය විසින් වෙඩි තබා තිබෙනවා.
මට්ටක්කුලිය පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.
පුද්ගලයෙකු ඊයේ (13) රාත්‍රී සිය ගැබිණි බිරිඳ සහ මව සමඟ ආහාර මිලදී ගැනීම සඳහා කොටහේන වීදියේ පිහිටි අවන්හලක් වෙත පැමිණ තිබෙනවා.
අනතුරු ඔහු පණ ගන්වා තිබූ මෝටර් රථය තුළ බිරිඳ සහ මව සිටියදී අසල පිහිටි අවන්හලක් වෙත ආහාර මිලදී ගැනීම සඳහා ගොස් ඇති අතර එම අවස්ථාවේ පුද්ගලයෙකු පැමිණ බිරිඳ සහ මව සමඟම පණ ගන්වා තිබූ මෝටර් රථය පැහැරගෙන ගොස් ඇති බව සඳහන්.
මෙහිදී විමර්ශන කටයුත්තක් සඳහා එම ප්‍රදේශයට පැමිණ සිටි මට්ටක්කුලිය පොලීසියේ නිලධාරීන් පිරිසකට මේ සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබූ අතර ඔවුන් වහාම ක්‍රියාත්මක වී පැහැරගෙන යමින් තිබූ මෝටර් රථය ලුහුබැඳ ගොස් තිබෙනවා.
අදාළ අවස්ථාවේ දී රාජකාරී පිස්තෝල ගිනි අවියෙන් මෝටර් රථය දෙසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ලකර ඇති අතර බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ දී සැකකරු මෝටර් රථය දමා පළා ගොස් තිබුණා.
ඉන් අනතුරුව මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර ඒ තුළ සිටි කාන්තාවන් දෙදෙනාට කිසිඳු හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.
Leave a Reply