Loading...

අග්බෝ හස්තියාට කැට පෝලයකින් විද්ද පුද්ගලයෙක් අත්අඩංගුවට

තිරප්පනේ, උලගල්ල වන්නම්මඩුව අවට ප්‍රදේශයේ සැරිසරමින් සිටින අවස්ථාවේදී හස්තියාට අග්බෝ හස්තියාගේ ඇසට කැට පෝලයකින් විද හිංසා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තිරප්පනේ පොලීසිය සඳහන් කළේ අක්කර 50 ප්‍රදේශයේ පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අදාළ පහරදීම පිළිබඳව වන අලි සුරැකීමේ සංවිධානයක් විසින් තිරප්පනය පොලීසිය වෙත කළ පැමිණිල්ලකට සහ පුද්ගලයෙකු විසින් උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදුන් තොරතුරුක් මත විමර්ශන සිදුකර තිබෙනවා.

තිරප්පනේ ප්‍රදේශයේ වාස භූමිය කර ගනිමින් ජීවත් වූ මෙම හස්තියා මෙරට තුළ දැනට ඉතිරිව ඇති සද්ධන්ත ඇතෙකු වන අග්බෝ හස්තියා මීට වසරකට පෙර පාදයකට සිදුවූ වෙඩි වැදීමක් හේතුවෙන් බරපතළ තුවාල සිදු වුණා.

තවද බඳින කදක් පත්තුවිම හේතුවෙන් ඉදිරි වම් පාදයට ඇති වූ තුවාල හේතුවෙන් වනජීවී අංශ, පශු වෛද්‍ය නිලධාරීන් විසින් 100කට වැඩි වතාවක් ප්‍රතිකාර කිරීමෙන් පසුව අග්බෝ හස්තියා තරමක සුව අතට හැරී තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *