ඊයේ (11) මධ්‍යම රාත්‍රීයේ සිට වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වර්ජනයේ නිරත දුම්රිය පාලක සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව එළැඹුණු එකඟතාවලට අනුව ඊයේ (11) මධ්‍යම රාත්‍රීයේ සිට වර්ජනය අතහැර නැවත සේවයට වාර්තා කිරීමට වර්ජනයෙන් නිරත වෘත්තීය සමිති තීරණය කළා.
මේ අනුව ඊයේ (11) මධ්‍යම රාත්‍රී 12 වන විට සේවයට වාර්තා කරන නිලධාරීන්ට කිසිඳු විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව අමාත්‍යවරයා එම වෘත්තීය සමිති නිලධාරීන් වෙත දැනුම් දී ඇති බවද වාර්තා වනවා.
කෙසේ වෙතත් අමාත්‍යවරයා කියා සිටියේ මෙලෙස සේවයට වාර්තා නොකරන යම්කිසි නිලධාරීන් සිටි නම් ඔවුන් සම්බන්ධ නිත්‍යානුකූලව ක්‍රියා කරන බවයි.
මෙම වර්ජනයට සහභාගී වූ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ රැකියා අහිමි කරමින් ලිපි නිකුත් කළ බව ඊයේ (11) දහවල් වනවිට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා තිබුණා.
අදාළ සාකච්ඡාවට එක්වූ ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඊයේ (11) දහවල් නිකුත් කළ එම ලිපි තවදුරටත් ක්‍රියාත්මක නොකරන බවට වෘත්තීය සමිති නියෝජිතයින් වෙත දැනුම් දී ඇති බව සඳහන්.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ද සහභාගිත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ නිල නිවසේදී පැවැත්වී තිබුණා.
Leave a Reply