දුම්රිය පාපුවරුවේ එල්ලී ගමන් කරමින් සිටි චීන ජාතික කාන්තාවක් ඊයේ (07) පස්වරුවේ වැල්ලවත්ත සහ බම්බලපිටිය අතරදී ඉන් ඇද වැටී තිබුණා.
ඇයගේ මිතුරිය විසින් ජංගම දුරකථනය මඟින් රූපගත කිරීමක් සිදුකරන අතරවාරයේ දී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
එම අවස්ථාවේදී ඇය ඇදවැටෙන අයුරු ඇගේ මිතුරියගේ ජංගම දුරකථනයේ සටහන්ව තිබුණා.
ඇය දුම්රිය පාපුවරුවේ එල්ලී ගමන් කරමින් සිටින අවස්ථාවේදී ගසක අත්තක් හිසේ වැදී ඇය දුම්රියෙන් එළියට ඇද වැටෙන අයුරු එහි සටහන්ව තිබු අතර තරුණිය පඳුරක් මතට ඇදවැටීම හේතුවෙන් තුවාල සිදුව නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.
Leave a Reply