Loading...

බිරිඳ සමඟ නර්තනයේ යෙදුණු නිසා තරුණයෙක් මරා දාලා

සංගීත ප්‍රසංගයකදී ගෙල කපා තරුණයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

කළුතර දකුණ පොලීසිය සඳහන් කළේ කළුතර දොඩන්ගොඩ ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

තරුණයා ඝාතනය කළ සැකකරු ප්‍රදේශයේ තරුණියක සමඟ විවාහ වී සිට ඇති අතර ඇය දින කිහිපයකට පෙර ඔහු අතහැර ගොස් වෙනම ජීවත්ව සිට ඇති බව සඳහන් වනවා.

තරුණිය කළුතර ගමගොඩ ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණ ඇය සේවය කරන ඇගලුම් කර්මාන්තශාලාවේ තරුණයෙකු සමඟ නර්තනයේ දී සිට තිබෙනවා.

එහිදී උරන වූ සැකකරු නර්තනයේදී යෙදී සිට ඇති තරුණයාගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඇති බව වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *