Loading...

නෙළුම් කුළුනේ අවන්හලක පැවැති සාදයකට සහභාගී වූ තරුණයෙක් සහ තරුණියක් මරුට

නෙළුම් කුළුනේ අවන්හලක පැවැති සාදයක් අතරතුර කිසියම් මත්ද්‍රව්‍යයක් පානය කර සිටියදී හදිසියේම රෝගාතුරව වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කල තරුණයෙකු සහ තරුණියෙක් මිය යෑමේ සිද්ධියක් සම්බන්ධව මරදාන පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මුල්ලේරියාව උඩුමුල්ල පදිංචි 27 හැවිරිදි තරුණියක් සහ දෙහිවල පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.

එම මත්ද්‍රව්‍ය පානය කර රෝගාතුරව ඇදවැටී ඇති දෙදෙනා අදාළ ස්ථානයේ සිටි පිරිස් විසින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔවුන් මියගොස් ඇති බව සඳහන්.

මියගිය දෙදෙනාගේ මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණය මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකර තිබෙනවා.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ මියගිය දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යලයේ දී සිදුකර එම වාර්තා පොලීසියට ඉදිරිපත් කරන ලෙසයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *