ශ්‍රී ලංකාව අවට මුහුදේ ජීවිත් වන දුර්ලභ ගණයේ තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලේ සහ උදරයේ ඇති අම්බර රුපියල් කෝටි ගණන් මුදලට විකුණන ලබන ජාවාරමක ප්‍රධාන සැකකරුවෙක් ඊයේ (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළඇණිය විසින් සිදු කළ මෙහෙයුමකදීයි.
මෙම ප්‍රධාන සැකකරු විසින් රුපියල් කෝටි 100ක මුදලකට විකුණිමට සුදානම් කර තිබූ මහ සයුරේ රත්රන් ලෙස හඳුන්වන ලැබූ අම්බර කිලෝ 5ක් ද නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වලාන බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට ලැබුණු තොරතුරක් මත සැරයන් ජයලාල් ඇතුළු කණ්ඩායමක් ආවේක්ෂණ රාජකාරි යොදවා අනාවරණය කරගත් බුද්ධි තොරතුරු මත අදාළ වැටලීම සිදු කර ඇති බව සඳහන්.
එහිදී මුහුදු දඩයක්කරුවන් විසින් ගැඹුරු මුහුදේ වෙසෙන දුර්ලභ තල්මසුන් මරා රුපියල් කෝටි ගණනකට විදේශීය ජාතිකයන්ට විකුණන බවට හෙළිව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික ආයතනයක සේවකයෙකි.
තල්මසුන් මරා ගනු ලබන මෙම අම්බර මඟින් මිනිසුන්ට වාසනාව, ධනය, බලය සහ ශක්තිය ලැබෙන බවට ඇති විශ්වාසය මත මුහුදු දඩයක්කරුවන් තල්මසුන් මේ ආකාරයෙන් මරා අම්බර ලබා ගන්නා බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
තවද මෙම අම්බර මිල අධික වන අතර අධික සුවඳින් යුත් සුවඳ විලවුන් නිපදවීමටද යොදා ගනු ලබනවා.
අරාබි ජාතිකයන් සහ විදේශිකයන් අම්බර කෙසෙල් සමඟ ආහාරයට ගැනීමට දැඩි ප්‍රියතාවක් දැක්වීම හේතුවෙන් අම්බර විකිණීම සිදු කරන බවද පැවසෙනවා.
Leave a Reply