ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ (06) මැදියම් රැයේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටළු කිහිපයක් හේතුවෙන් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී ඇති බව සඳහන්.
දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයට එක්ව ඇති බවද වාර්තා වනවා.
ඒ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදු නොවන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ වර්ජනය හේතුවෙන් උදෑසන ධාවනය වන කාර්යාල දුම්රියවලට වැඩි බලපෑමක් එල්ල නොවුණත් අද (06) පස්වරුවේ ධාවනය වන සියලු දුම්රිය අවලංගු වීමට ඉඩ ඇති බවයි.
Leave a Reply