Loading...

එක්සත් ජනපදයට අද පුර්ණ සුර්ය ග්‍රහණයක්

අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 15කට සහ මෙක්සිකෝ සහ කැනඩාවට අද (08) පුර්ණ සුර්ය ග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

නාසා ආයතනය සඳහන් කළේ උතුරු අමෙරිකාව, දකුණු අමෙරිකාව සහ යුරෝපා රටවල් කිහිපයකට මෙම සුර්ය ග්‍රහණය ලැබෙන්නේ අර්ධ සුර්ය ග්‍රහණයක් ලෙස දැකිය හැකි බවයි.

සුර්යයාගේ කොටසක් හෝ සුර්යයා සම්පුර්ණයෙන්ම හෝ වැසී යන පරිද්දෙන් සුරියයා සහ පෘථිවිය අතරින් සඳ ගමන් කරන අවස්ථාවේ දී සුර්ය ග්‍රහණයක් ඇතිවීම සිදු වනු ලබනවා.

නාසා ආයතනය කියා සිටියේ උතුරු අමෙරිකානුවන්ට නැවත සුර්ය ග්‍රහණයක් දැක ගැනීමට හැකි වන්නේ 2044 වසරේදී බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *