Loading...

කුලී නිවෙස් හිමියන්ටත් බද්දක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන යටතේ ලබාදී ඇති රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ලබන වසරේ 1 වනදා සිට ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට නියමිත බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියා සිටියේ රජයේ ආදායම ඉහළ දැමීම සඳහා මෙවැනි බද්දක් හඳුන්වා දීම ඉතා වැදගත් බවයි.

මෙම නව බදු ක්‍රමය 2026 වසර වන විට සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ඉලක්ක කර ඇති බවද ඔවුන් ප්‍රකාශ කරනවා.

ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් යනු නිවසක හිමිකරුවෙකු සිය නිවස කුලියට ලබා දුන්නේ නම් ඔහුට හෝ ඇයට ලබාගත හැකි ආදායම ඇස්තමේන්තු කර ඒ සඳහා බදු මුදලක් අය කෙරෙනු ඇති.

මෙම බද්ද නිවසේ වටිනාකම මත නොව ඉන් ලැබිය හැකි ආදායම මත පදනම් වනවා.

මීට පෙර 2025 වසරේ දී දේපල බද්දක් හඳුන්වා දීමට රජය සුදානම්ව සිටියද එය පවතින බාධා හේතුවෙන් මෙම බදු ක්‍රමය හඳුන්වා දීමට මෙරට රජය තීරණය කර ඇති බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කළේ.

එම අරමුදල පෙන්වා දෙන්නේ පදිංචිව සිටින සහ නොසිටින නිවාස සඳහා මෙම බදු ක්‍රමය හඳුන්වා දීම දේපළ බද්දට සුදුසු ආදේශකයක් බවයි.

මෙම බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය සභා මට්ටමින් දත්ත ගබඩාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා අවධානය යොමු කළ බවත් එම දත්ත ගබඩාවට මෙරට දේපළහිමියන් සතුව ඇති දේපළ සම්බන්ධයෙන් යාවත්කාලීන කළ ඇස්තමේන්තුවක් ඇතුළත් විය යුතු බවත් ඔවුන් සඳහන් කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම දත්ත ගබඩාව නිර්මාණය කිරීම මෙම වසරේ අගෝස්තු මස වන විට අවසන් විය යුතු බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *