Loading...

මුද්‍රණාලාධිපතිනියට, පොලිස්පතිවරයාට සහ තැපැල්පතිවරයාට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

ජනාධිපතිවරණය අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා පොලිස්පතිවරයා සහ රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා කියා සිටියේ ජනාධිපතිවරණයට අදාළ මුලික කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් අදාළ පාර්ශව මැතිවරණ කොමිසම වෙත කැඳවා ඇති බවයි.

මේ අනුව රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා අද (09) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණීමට නියමිතව ඇති.

තවද පොලිස්පතිවරයා ඉදිරි දින කිහිපය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණීමට නියමිත බවද වාර්තා වනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමේ බලය ලබන 17 වන දිනෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවට හිමිවනු ඇති.

ඊට පෙර ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධව වන මුලික කරුණු සාකච්ඡා කිරීම මැතිවරණ කොමිසමේ මුලික බලාපොරොත්තු වී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *