Loading...

කැළණි සරසවි සිසුවෙක් හදිසි අසනීපයකින් මරුට

කැළණි විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ සිටි සිව්වන වසරේ සිසුවෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමේදී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ සමාජීය විද්‍යා පීඨයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ සිව්වන වසරේ ඉගෙනුම ලැබූ නිරෝෂණ ලක්මාල් නම් තරුණයෙකි.

ඊයේ (24) රාත්‍රී 10ට පමණ තරුණයාට මීමැස්මොර රෝගී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

කැළණි විශ්ව විද්‍යාලයේ සිසුන් චෝදනා කරන්නේ ඒ සම්බන්ධව පාලනාධිකාරිය දැනුවත් කළද එම සිසුවා රෝහල් ගත කිරීමට වාහනයක් අදාළ ස්ථානයට පැමිණීමට බොහෝ වේලාවක් ගත වූ බවයි.

ඒ හේතුවෙන් ඔහුගේ ජීවිතය අකාලයේ අහිමි වූ බවද ඔවුන් පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් කැලණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමය පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට බිම වාඩි වී විරෝධය දැක්වූ අතර එයට විශ්ව විද්‍යාලය අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහයෝගය ද හිමිව තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *