කැනඩාවේ නයගරා දියඇල්ල අවට කලාපයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එරට බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ ලබන මස 08 වනදා සිදුවන දුර්ලභ පුර්ණ සුර්ය ග්‍රහණය නැරඹීම සඳහා එම කලාපයට විශාල ජනතාවක් එක්රැස් වීමේ හැකියාවක් පැවතීම හේතුවෙන්.
කැනඩා – අමෙරිකානු දේශ සිමාවේ පිහිටා ඇති නයගරා දිය ඇල්ල අවට ප්‍රදේශයට සුර්ය ග්‍රහණය සම්පුර්ණයෙන් දිස්වන බවයි අභ්‍යකාශ විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් බොහෝ පිරිසක් අද වන විට ඒ අවට ප්‍රදේශයේ හෝටල් කුලියට ගෙනමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
මේ අතර එදිනට නියමිත විවිධ වැඩසටහන් ද කල් දමා ඇති අතර රථ වාහන තදබදය වළකා ගැනීමට ඇතැම් මාර්ග වසා දැමීමට නියමිත බවද සඳහන්.
Leave a Reply