ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සිදුකර ඇති බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පුද්ගලයෙක් විසින් සාප්පු සංකීර්ණයේ සිටි පිරිසකට පිහියකින් පහර දී ඇති බවයි.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් මේ වන විට රෝහල්ගත කර තිබෙනවා.
සැකකරුට පොලීසිය විසින් වෙඩි තබා ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිවැරදි තොරතුරුවක් වාර්තා නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Leave a Reply