Loading...

කොළඹට හෙට විශේෂ රථ වාහන සැලැස්මක්

හෙට (01) දිනට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් පොලීසිය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ අනුව මැයි දින සැමරුම වෙනුවෙන් හෙට (01) දිනයේ දී රැළි සහ පෙළපාලි 40ක් දිවයින පුරා සංවිධානය කර ඇති බව සඳහන්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ මැයි දින සැමරුම් උත්සව 19ක් ද පැවැත්වෙන බවයි.

මේ අතර මැයි රැළි ආවරණය කිරීම සඳහා අවසරයකින් තොරව ඩ්‍රෝන යානා භාවිතා කිරීම තහනම් බව පොලීසිය පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *