Loading...

කොළඹ නගරයට අද විශේෂ රථ වාහන සැලැස්මක්

මැයි දින රැළි සහ පෙළපාලි හේතුවෙන් අද (01) කොළඹ නගරය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ රැළි සහ පෙළපාලි ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 10000ක් යොදවා ඇති බවයි.

මේ අතර පෙළපාලි සඳහා ජනතාව රැගෙන එන විනය විරෝධී බස් රථ රියදුරන් සම්බන්ධව දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බවද පොලීසිය පවසනවා.

තවද කටුනායක ගුවන්තොටුපොළ වෙත ගමන් කරන වාහන සහ ගිලන් රථ, රෝහල් වෙත රෝගීන් රැගෙන යන රථ සඳහා මාර්ගයේ ගමන් කිරීම සඳහා පහසුකම් සපයා ඇති බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *