Loading...

හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක්

පළාත් පාලන මැතිවරණයට අදාළව විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (03) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (03) පස්වරුවේ මෙම රැස්වීමට පැවැත්වීමට නියමිත බව සඳහන්.

මෙහිදී පළාත් පාලන මැතිවරණය කැඳවීමට අදාළ නාම යෝජනා යළි කැඳවීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට ද නියමිතව තිබෙනවා.

ඒ අනුව දැනට නාමයෝජනා ලබා දී ඇති අපේක්ෂකයින් පක්ෂ මාරුවීම, ඇතැම් පුද්ගලයින් විදෙස්ගත වීම හා තවත් පිරිසක් දේශපාලනයෙන් ඉවත්වීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය සඳහා මීට පෙර ඉදිරිපත් කර තිබු නාමයෝජනා අවලංගු කිරීම දේශපාලන පක්ෂ තීරණය කර ඇති බව සඳහන් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *