අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට වෙනුවෙන් සහන සැපයීම සඳහා සන්නද්ධ රථ 6ක් සහ යුනිකෝන් රථ 10ක් යුද්ධ හමුදාව විසින් යොමු කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ කළුතර, මාතර සහ ගාල්ල දිස්ත්‍රික්ක සඳහා එම රථ යොදවා ඇති බවයි.
තවද මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා අයගම, ගලතුරු ඔය, දෙහිඕවිට, මොරවක, තවලම, තිහගොඩ, නෙළුව, බද්දේගම සහ දිවිතුරාව ප්‍රදේශ සඳහා බෝට්ටු සමඟ යුද්ධ හමුදා කණ්ඩායම් යොමු කර තිබෙනවා.
මේ අතර කැළණි ගඟේ ගං ඉවුරේ ආරක්ෂාව සඳහා වැලි කොට්ට ඇතිරීම සඳහා යුද්ධ හමුදාවේ කණ්ඩායමක් කැලණිමුල්ල ප්‍රදේශය සඳහා යොමු කර ඇති බව වාර්තා වනවා.
ඊට අමතරව යුද්ධ හමුදාව විසින් මේ වන විට අකුරැස්ස, සාලාව, නෙළුව සහ මාලිම්බඩ ප්‍රදේශවල අවතැන් වූ පිරිස් සඳහා ආහාර සැපයීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවද එම නිවේදනයේ සඳහන්.
අදාළ ප්‍රදේශවල අවතැන් වූ ජනතාව සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් සහ පානීය ජලය සැපයීමට ද ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතුව යුද්ධ හමුදාව විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
Leave a Reply