නීතිවිරෝධී ක්‍රම ඔස්සේ රුසියානු හෝ යුක්‍රේන හමුදාවට එක් නොවන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය සියළු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනුම් දී තිබෙනවා.
එම අමාත්‍යාංශය පවසන්නේ රුසියානු හමුදාවට මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් එක්වන බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
එවැනි සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ නොමැති බවද ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
රුසියානු හමුදාවට එක්වූ මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙක් පසුගියදා මියගිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය අනාවරණය කළ අතර ඒ සම්බන්ධව අද වන විට දැඩි කතාබහක් මතුව තිබෙනවා.
කෙසේ වෙතත් මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනෙක් මෙලෙස මියගොස් ඇති බවට අද වන තෙක් තානාපති කාර්යාල හරහා මෙරටට දැනුම් දී නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
වැඩිදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් රුසියාවේ සේවයට යොමු කිරීම සඳහා මෙරට හමුදාව සහ රුසියානු හමුදාව අතර කිසිඳු එකඟතාවක් නොමැති බවත් මෙවැනි සිදුවීම් හරහා මෙරට කිර්ති නාමය ද හානියක් එල්ල වන බවත්ය.
Leave a Reply