ලබුගම කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන හානියට පත් නළය පිළිසකර ජල සැපයුම අද (17) මධ්‍යම රාත්‍රීය වන විට ලබාදීමට හැකි වනු ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්ධිය ආසන්න ප්‍රදේශයකදී මෝටර් රථයක් කලටුවාව සිට මහරගම දක්වා ජලය ගෙන යන නළයක වැදී අනතුරට ලක් වීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
මේ හේතුවෙන් ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශ වල ලක්ෂයකට අධික නිවාස ඒකක සඳහා ජල සැපයුමට බාධා එල්ල වී තිබෙනවා.
කෙසේ වෙතත් සිදුවන ජල කාන්දුව නිසා කලටුවාවේ සිට සිදු කරන ජල සැපයුම නතර කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
Leave a Reply