Loading...

රනිල් සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක්

ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ඊයේ (25) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පවත්වා තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති මෙම රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියළු මන්ත්‍රීවරුන් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙල, සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සහ සියළු මැතිවරණ කොට්ඨාසය සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

තවද ඉදිරි මැතිවරණවලදී දේශපාලන පක්ෂ වශයෙන් ගනු ලබන තීන්දු තීරණ සහ නිශ්චිත එකඟතාවලට එළඹීමට පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව ඇති බවද සඳහන් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *