Loading...

යුරෝපා සංගමයෙන් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගැන විශේෂ පරීක්ෂණයක්

යුරෝපා සංගමය මෙටා සමාගමේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල සම්බන්ධව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ සමාජ මාධ්‍යවල ජාලවල ළමා ආරක්ෂාව සම්බන්ධව යුරෝපා සංගමය පනවා ඇති නීති උල්ලංඝනය කර ඇති බවට මෙටා සමාගමට එල්ලවී ඇති චෝදනාව මතයි.

යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා දරුවන් තුළ විවිධ ඇබ්බැහිවීම් නිර්මාණය වන බවත් ඉන් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි වන බවත්ය.

මේ අදාළ සමාජ මාධ්‍ය භාවිතයේ දී පරිශීලකයින්ට ස්වයංක්‍රීයව වීඩියෝ සහ ඡායාරූප නිර්දේශ කරන ඇල්ගොරිද්මය සම්බන්ධවද විමර්ශනය සිදු කරන බව සඳහන්.

තවද ෆේස්බුක් ගිණුමක් සකස් කිරීමේදී වයස සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ද යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් මෙටා සමාගම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධව නීති උල්ලංඝනය කර ඇති බවට හෙළි වුවහොත් මෙටා සමාගමට එහි ගෝලීය පිරිවටුමෙන් 6%ක දඩයක් පැනවිය හැකියාව පවතිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *