රුසියාවට හැකි ඉක්මණින් ධූත පිරිසක් යැවීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (16) උදෑසන පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු තානාපතිවරයෙකු ඇතුළු පිරිසක් නියෝජනය කරමින් එම ධූත පිරිස යැවීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි ඒ මහතා සඳහන් කළේ.
රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ රුසියාවට ගිය පුද්ගලයින්ගේ තොරතුරු එක් කිරීම සඳහා මේ වන විට ආරක්ෂක අමාත්‍යංශයේ ක්ෂණිකව දුරකථන අංකයක් ද ක්‍රියාත්මක වන බවයි.
මේ අතර රුසියානු යුක්‍රේන යුද්ධය සඳහා අනීතිකව ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙක් මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ යුද්ධයට එක් වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් පැමිණිලි 288ක් මේවන විට ලැබී ඇති බවයි.
Leave a Reply