Loading...

ජාතික ලොතරැයි මණ්ඩලයෙන් විශේෂ දැනුම් දීමක්

කොටු කැපීම නමින් නීතිවිරෝධී සූදුවක් රටේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නීතිවිරෝධී ලෙස මුදල් එකතු කරන මෙම ක්‍රියාමාර්ගයේ හවුල්කරුවෙකු නොවන ලෙස එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

මහජන සම්පත ලොතරැයි දිනුමේ ජයග්‍රාහී අංක අනුමාන කරමින් එහි අංක රටාවේ අවසාන අංක දෙක උපයෝගී කරගෙන විවිධ පුද්ගලයින් නීති විරෝධී ලෙස කොටු කැපීම නැමැති මෙම සුදුවා ක්‍රියාත්මක කරන බවට තොරතුරු ලැබී ඇති බවද ජාතික ලොතරැයි මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මෙම නීති විරෝධී සූදුවට මේ වන විට මහජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් සම්බන්ධ වී සිටින බවට තොරතුරු ලැබී ඇති බවත්, මණ්ඩලය සිදුකරන වැටලීම්වලින් අත්අඩංගුවට ගත් අදාළ පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දඬුවම් පනවා ඇති බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා.

ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දැනට හඳුනාගෙන ඇති එවැනි නීති විරෝධී ලොතරැයි සුදූ පොලවල් පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීම පිණිස අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් දැන්වීමට පියවරගෙන ඇති බවද එහි සඳහන්ව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *