ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා.
ඔහු මේ බව දැනුම් දී ඇත්තේ අද (12) කෝට්ටේ ප්‍රදේශයේ හෝටලයක පැවැති පක්ෂයේ විධායක සභාවේදීයි.
ඒ මහතාගෙන් පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පත් කිරීමට එම විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.
මේ අතර නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා ලෙස නීතිඥ කීර්ති උඩවත්ත මහතා පත් කර කිරීමට පක්ෂයේ විධායක කමිටුව ඒකමතිකව තීරණය කර ඇති බව වාර්තා වනවා.
Leave a Reply