Loading...

ඇපල් දුරකථන අලෙවියේ වාර්තාගත පහළ යාමක්

අමෙරිකාවේ ප්‍රමුඛ පෙලේ දුරකථන අලෙවි සමාගමක් වන ඇපල් සමාගමේ වසරකට වැඩි කාලයක් තුළදී සිදුවූ විශාලතම අලෙවි පහත වැටීම වාර්තා වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 2024 වසරේ මුල් මාස 3 තුළදී එහි අලෙවිය 4%කින් එනම් ඩොලර් බිලියන 91ක් දක්වා පහත වැටී ඇති බවයි.

ඇපල් දුරකථන අලෙවිය 10%කින් පහත වැටී අතර එය ඇපල් සමාගමේ සමස්ථ අලෙවිය පහත වැටීමට හේතුවී ඇති බවද සඳහන් වනවා.

කෙසේ වෙතත් 2024 වසරේ මුල් මාස 3 තුළදී ගෝලීය ස්මාර්ට්ෆෝන් අලෙවිය ඉහළ ගොස් ඇති පසුබිමක ඇපල් දුරකථන අලෙවිය පහත වැටී තිබීම පිළිබඳව සියල්ලන්ගේම අවධානය යොමුව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *