Loading...

රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා සහ රුසියාවේ විදේශ අමාත්‍ය සර්යෙව් ලැව්රොෆ් මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

මෙම හමුව සිදුව ඇත්තේ අලි සබ්‍රි අමාත්‍යවරයාගේ රුසියානු සංචාරය අතරතුරදීයි.

මෙහිදී දෙරටට වැදගත් වන කරුණු සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරුන් දෙදෙනා අතර අදහස් හුවමාරු කරගත් බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

තවද මේ වන විට රුසියානු හමුදාව හා එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් ද මෙහිදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා අදහස් දක්වා තිබෙනවා.

ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙන ලෙස අමාත්‍යවරයා රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති බව සඳහන්.

එහිදී රුසියානු විදේශ අමාත්‍යවරයා පොරොන්දු වී ඇත්තේ තවදුරටත් ශ්‍රී ලාංකිකයන් රුසියාවේ හමුදා සේවයට බඳවා නොගන්නා බවයි.

මේ අතර ලබන ජුනි 26 -27 දිනවල ඉහළ පෙළේ ශ්‍රී ලාංකික නියෝජිතයින් පිරිසක් රුසියානු බලධාරීන් සමඟ මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *