ඉල්ලකයට වෙඩි තැබීම සඳහා පුහුණුවට හුළුගල්ලේ වෙඩි පිටියට ගිය පොලිස් කොස්තාපල්වරයෙක් නිකවැරටිය – මාගල්ලේගම වැවේ නාමින් සිටියදී සිහිසුන්ව දියේ ගිලී තිබෙනවා.
නිකවැරැටිය පොලිසිය කියා සිටියේ ඔහුව නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.
කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කුලියාපිටිය කොට්ඨාසයේ පොලිස් ස්ථාන වල රාජකාරී කරන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමග මෙම පොලිස් කොස්තාපල්වරයා ද ඉලක්කයට වෙඩි තැබීම පැමිණ තිබෙනවා.
එම පුහුණුවීම් ලබාගැනීමට නිකවැරැටිය, හුළුගල්ල ප්‍රදේශයේ පිහිටි පොලිස් වෙඩි පිටියට පැමිණි අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
Leave a Reply