Loading...

කැනඩාවේ ටොරොන්ටෝහී දී ගුවන් යානයක් උඩු යටිකුරු වෙයි

කැනඩාවේ, ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑම සඳහා පැමිණි ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ ගුවන් යානය ගොඩබෑමට යාමේදී හිම කුණාටුවකට හසුවීමෙන් නියමුවන්ට එය පාලනය කර ගත නොහැකිව ගුවන් පථය තුළ පෙරලී ගොස් එම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් ගුවන් යානයේ සිට මඟීන් 17 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද සඳහන් වනවා.

අනතුර සිදුවන අවස්ථාවේ මඟීන් 76 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙක් සිට ඇති බව වාර්තා වනවා.

ඩෙල්ටා ගුවන් සේවයට අයත් මෙම යානය කැනඩාවේ මිනියාපොලිස් ගුවන් තොටුපොළේ සිට ටොරොන්ටෝ – පියර්සන් ගුවන් තොටුපොළ දක්වා ගමන් කර තිබු බව සඳහන් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *