Loading...

ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකුට අයත් අතුරුගිරිය ගල්වරුසාව පාරේ පිහිටි නිවසකට කිසියම් පුද්ගලයෙකු විසින් ඊයේ (09) සවස පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

නවගමුව පොලීසිය සඳහන් කළේ අදාළ ව්‍යාපාරිකයාට අයත් එම නිවස ඉදිරිපිට මාස කිහිපයකට පෙර මල්වඩමක් ද තබා තිබු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් තිදෙනෙක් මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහරගම පමුණුව ප්‍රදේශය විශාල ඇඟලුම් කර්මාන්තශාලාවක් පවත්වාගෙන යන මෙම කෝටිපති ව්‍යාපාරිකයාට තවත් ඇඟලුම් කර්මාන්තශාලා කිහිපයක් හිමි අයෙක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *