Loading...

කොලොන්නේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

කොලොන්න පොලිස් වසමේ අප්ටන් වත්ත ප්‍රදේශයේ ඊයේ (09) රාත්‍රීයේ වෙඩි තැබීමක් සිදු වුණා.

පොලීසිය කියා සිටියේ යතුරු පැදියකින් පැමිණ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් නිවසේ සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් ඇති බවයි.

වෙඩි තැබීමෙන් 61 හැවිරිදි පුද්ගලයෙක් එම ස්ථානයේ දීම ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ නිවසේ රැඳී සිටියදී වෙඩික්කරුවන් පැමිණ බිරිඳගෙන් මියගිය පුද්ගලයා නිවසේ සිටිනවාදැයි විමසා ඇති අතර අනතුරුව එම පුද්ගලයා නිවසින් එළියට පැමිණි අවස්ථාවේදී වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇඹිලිපිටිය රෝහලේ තැන්පත් කර ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමට හේතුව මේ දක්වා හෙළිව නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *