Loading...

මාවනැල්ලේ දී පොලිස් වෙඩි පහරකින් පුද්ගලයෙක් මරුට

මාවනැල්ල, පදියදොර ප්‍රදේශයේ ආරවුලක් විසඳීමට යාමේ දී පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (06) රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

මාවනැල්ල, පදියදොර ප්‍රදේශයේ ආරවුලක් ඇති බව මාවනැල්ල පොලීසිය දුරකථන ඇමතුමක් ලැබී තිබූණා.

මේ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධරීන් එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී ආරවුලට සම්බන්ධ පුද්ගලයෙකු තියුණු. ආයුධයකින් පොලිස් නිලධාරියෙකුට පහර දී ඇති බව වාර්තා වනවා.

එම අවස්ථාවේ දී තවත් පොලිස් නිලධාරියෙකු අහසට වෙඩි තබා ඇති අතර එම පොලිස් නිලධාරියාට ද අදාළ පුද්ගලයා පහර දීමට උත්සහ කිරීමේ දී වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

පොලීසිය සිදුකළ වෙඩි තැබීමෙන් පහරදීම සිදුකළ පුද්ගලයාගේ පියාට වෙඩි වැදී ඇති අතර ඔහු මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ද සම්බන්ධ අපරාධකරුවෙකු බවද මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද මේ වන විට මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

පොලීසියට පහරදීම සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මාවනැල්ල පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *