බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකයක් ලබාගත් පුද්ගලයන්ට බදු ගෙවන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් හෝ කෙටි පණිවිඩ ලැබුණ ද තමා මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මවා නොමැති නම් ඒ පිළිබඳව ලිඛිතව දැනුම් දී බදු ගෙවීමෙන් වැලකී සිටිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ සම්බන්ධව ළඟම පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලයට දැනුම් දිය හැකි බවයි.
අද වන විට පුද්ගලයන් ලක්ෂ 23ක් TIN අංකය ලබාගෙන ඇති බව සඳහන්.
පසුගිය මසදී පමණක් පුද්ගලයන් ලක්ෂ 13ක් මෙම අංකය ලබාගෙන තිබෙනවා.
ජුලි මස අවසන් වන විට TIN අංකය ලබාදුන් පුද්ගලයන් ගණන ලක්ෂ 73ක් බවට පත් කිරීම අරමුණ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
Leave a Reply