එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
ඊට අදාළ නඩුව ඊයේ (25) කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම විමර්ශනවලට අදාළ කරුණු දැක්වීම සඳහා මාසයක කාලයක් ලෙස ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකර ඇති බව සඳහන්.
මෙම සිද්ධියට අදාළව මේ වන විටත් කොළඹ මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට එරෙහිව නඩු විභාගයක් පැවැත්වෙන බවයි අදාළ පැමිණිල්ලේ සැකකරුවන් වශයෙන් නම්කර ඇති එම නෞකාවේ කපිතාන්වරයා සහ දේශීය නියෝජිත සමගාමේ අධ්‍යක්ෂකවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ.
මේ තත්ත්වය යටතේ තවදුරටත් විමර්ශන සිදු කිරීමේ අවශ්‍යතාවයක් කුමක්දැයි ද එම නීතිඥවරුන් මෙහිදී ප්‍රශ්ණ කර තිබෙනවා.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස පොලීසියට දැනුම් දී ඇති අතර එහි ප්‍රගතිය ඉදිරියේ දී අධිකරණයට වාර්තා කරන ලෙසටද නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන්.
Leave a Reply