ළමුන්ගේ අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක් කිරීම සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය තිබෙනවා.
එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා කියා සිටියේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙබ් අඩවිය හරහා අදාළ පැමිණිලි සිදු කිරීමට අද (28) සිට අවස්ථාව හිමිවනු ඇති බවයි.
මෙම නව ක්‍රමවේදය හරහා ලැබෙන පැමිණිලි සෘජුවම එංගලන්තයේ හි ඉන්ටනැෂනල් වොච් ෆවුන්ඩේෂන් නම් ආයතනය වෙත වාර්තා කිරීම සිදුවනවා.
අනතුරුව අදාළ ආයතනය මඟින් අදාළ අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බවයි එම අධිකාරිය පවසන්නේ.
තවද පැමිණිලි පිළිබඳ විමර්ශනය සිදුකර ඊට සම්බන්ධ පාර්ශවයන් කවුරුන්ද යන්න සොයා බලා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද අන්තර්ජාතික පොලීසිය හරහා සිදුකිරීමටද නියමිතයි.
පසුගිය කාලය තුළද ළමුන්ගේ අසභ්‍ය වීඩියෝ දර්ශන සහ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය වෙත මුදා හැරීම් පිළිබඳව පැමිණිලි වැඩි වී ඇති බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.
Leave a Reply