Loading...

ලංවිම සේවකයන්ට නව වැටුප් ක්‍රමයක්

ඉදිරි සති කිහිපයේ දී ලංවිම සේවකයන්ට නව වැටුප් ව්‍යුහයක්, කාර්ය සාධන පදනම් කරගත් දිරි දීමනා ක්‍රමයක් සහ උසස් වීම් ක්‍රමයක් හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

සිය නිල X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරියේ දී බඳවා ගන්නා සේවක ගණන අඩු කිරීම සඳහා දැනට පවතින 26000 අනුමත කාඩරය ද සංශෝධනය කරන බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයට අදාළ ප්‍රතිසංස්කරණවල ව්‍යුහය, විවිධ කාර්යයන් ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව, අනුප්‍රාප්තික සමාගම්වලට පත්වීම්, මානව සම්පත් කළමනාකරණය, වැටුප් ව්‍යුහයන්, ගනු ලැබූ ප්‍රතිපත්ති සහ කළමනාකරණ තීරණ සම්බන්ධ තීරණ පිළිබඳව එහි වෘත්තීය සමිති සමඟ පසුගියදා පැවැති සාකච්ඡාවකදීයි මෙම තීරණයන්ට එළැඹ තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *