Loading...

පාසල් සිසුවෙකුගෙන් වනඅලි – දුම්රිය අනතුරු වළක්වන්න නව උපකරණයක්

වන අලි දුම්රියවල ගැටී සිදුවන අනතුරු පාලනය කිරීම සඳහා නව උපකරණයක් නිපදවීමට තෝලංගමුව සේනානායක විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුමීර රන්තරු සිසුවා සමත්ව තිබෙනවා.

තම නව නිර්මාණය පිළිබඳව ඔහු ඊයේ (10) දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දැනුවත් කර ඇති බව සඳහන්.

මේ වන විට වනඅලි දුම්රියේ ගැටීම හේතුවෙන් වනඅලි ගහනයටත් දැඩි බලපෑමක් එල්ලකර තිබෙනවා.

කෙසේ වෙතත් විවිධ පර්යේෂකයින් අවස්ථා රැසකදීම AI තාක්ෂණය පවා උපයෝගී කර ගනිමින් එම අනතුරු වළක්වා ගැනීමට විවිධ ක්‍රමෝපායන් හඳුන්වා දී තිබුණ ද ඒවා තවමත් නිසි ලෙස ක්‍රියාවට නංවන බවක් දක්නට ලැබුණේ නැහැ.

මෙම සිසුවා නිපදවා ඇති නව උපකරණය මඟින් දුම්රිය මාර්ගයේ වනඅලි රැඳී සිටිනවා නම් එම උපකරණය ක්‍රියාත්මක වී දුම්රියේ රියදුරුට ඒ බව SMS පණිවිඩයක් මඟින් දැනුම් දීම මෙම උපකරණය මඟින් ස්වයංක්‍රීයව සිදු කෙරෙන ඇති බව පැවසෙනවා.

මේ සම්බන්ධව අදහස් දක්වන දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කරන්නේ මෙම උපකරණය ක්‍රියාකාරී තත්ත්වය පිළිබඳ පරික්ෂාව සඳහා අවස්ථාවක් ලබාදෙන බවයි.

එම උපකරණයේ සාර්ථකතාව මත මුල්‍යමය සහ අනෙක් පහසුකම් ලබාදීමට හැකි බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *