Loading...

අයථා අයුරින් උපයාගෙන ඇති දේපොළ පවරා ගන්න නව පනතක්

පසුගිය රජය සමයේ නීති විරෝධී ලෙස හෝ අයථා අයුරින් උපයාගෙන ඇති රාජ්‍ය දේපොළ රාජසන්තක කිරීම සඳහා වූ නව නීති ඇතුළත් පනතක් ඉදිරියේ පාර්ලිමේන්තුවට ගෙන එන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ අප්‍රේල් මස 8 වනදා එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

අදාළ පනත තුලින් මෙරට රාජ්‍ය දේපොළ, රාජ්‍ය මුදල් අයථා ලෙස ලබාගෙන පරිහරණය කරන පුද්ගලයින්ගේ ඕනෑම දේපොලක් නිත්‍යානුකූලව අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ ලබා ගැනීමට හැකි බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.

“මේ රටේ රාජ්‍ය දේපොළ, රාජ්‍ය සම්පත්, රාජ්‍ය ධනය විවිධ වකවානුවල සිටි පාලකයෝ, දේශපාලඥයින්ට සම්බන්ධ සමීපතමයින්, තාත්තලා, පුතාලා, බාප්පලා ඇතුළු ඒ දේශපාලනයේ හිටපු අය, ඥතීන් එකතුවෙලා අපේ රටේ රාජ්‍ය දේපොළ, රාජ්‍ය සම්පත්, රාජ්‍ය මුදල් විවිධ ආකාරයෙන් අයථා ලෙස පරිහරණය කරලා තියෙනවා, අත්පත් කරගෙන තියෙනවා.

එමෙන්ම ඒවා තමන්ගේ බවට පත්කරගෙන තියෙනවා. එවැනි නීතිවිරෝධී හෝ අයථා ලෙස උපයාගෙන අද ඒවා පුද්ගලික දේපොළ ලෙස පත්කරගත් ඕනෑම කෙනෙකුගේ දේපොළක් නීත්‍යානූකූලව විධිමත්ව අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා යළි රජයට පවාරා ගැනීමේ හැකියාවක් ලැබෙන නව නීති සම්පාදනයක් සඳහා වන පනතක් ඉදිරි අප්‍රේල් 08 වනදා පාර්ලිමේන්තුවට එන්න නියමිතයි.

අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණ අභිලාෂයන් අපි දවසින් දවස ඉටුකරමින් මේ රටේ හැම පුරවැසියෙකුගේම බලාපොරොත්තු ඒ අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් අවශ්‍ය විදිවිධාන කලබලයක් නැතුව ඉදිරියට ගෙනියනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *